◄ සක්වළ චක්‍රයේ අභිරහස හෙළිවේ ►



(මේ ලිපි පෙලේ ඇති කරුණු වල සත්‍යය අසත්‍යය භාවය පිළිබඳ තීරණය ඔබට භාර කරමු)

තිසා වැව් කණ්ඩියට පහළින්ද, වෙස්සගිරි පර්වත සමූහයේ උතුරු පෙදෙසට වන්නට ඉසුරුමුණි පර්වතයට පසුව හමුවන රන්මසු උයන සිංහලයින් වන අපට ඉතා වටිනා පුරාවිද්‍යාත්මක ස්ථානයකි. රන්මසු උයනේ පිහිටි සක්වළ චක්‍රය හරහා රාවණ යුගයේ විශ්වීය සබඳතා මෙන්ම ඔවුනගේ පිටසක්වළ සබඳතා පිළිබඳද අවබෝධ කරගත හැකිවෙයි. සක්වල චක්‍රය යනු විශ්වීය සිතියමකි. මෙහි පවතින විශේෂත්වය වනුයේ මෙම සිතියම දුරස්ථ පාලකයක් ලෙසින් ක්‍රියා කිරීමයි. එනම් ඒ හා සම්බන්ධ විශේෂිත උපකරණයක් හරහා විශ්වයේ තෝරාගනු ලබන ග්‍රහලෝක වෙත ගමන් කිරීමට කාල උමං ක්‍රියාත්මක කිරීමයි. මෙම සක්වල චක්‍රය ඉදිරිපිට සමතලව පිහිටි පර්වතය මත, සක්වල චක්‍රයට මුහුණ ලා වාඩිවිය හැකි ලෙස ගලේ කෙටූ ආසන 4ක් ඇත. එයින් පෙනී යන්නේ පුද්ගලයින් 4 දෙනෙකුට එකවර හෝ තනි තනිව මෙය භාවිතා කළ හැකි වූ බවයි.

ප්‍රථමයෙන් අප මෙම සක්වළ චක්‍රය පැහැදිළි කරගැනීමට උත්සහ දරමු.

සක්වළ චක්‍රය වටා ඇති රවුම තුළින් අපගේ මන්දාකිණිය නිරූපණය වේ. සක්වළ සිතියම තුළ සටහන් වී ඇත්තේ අපේ මන්දාකිණිය තුළ ඇති විවිධ සෞරග්‍රහ මණ්ඩල වලට අයත් ස්ථානයන් පිළිබඳවය. මෙහිදී පෙර පැවති ගුවන් කලාප අනුවද මෙම සිතියම බෙදා දැක්විය හැකි වෙයි.

සක්වළ චක්‍රය මධ්‍යයේ ඇති රවුම සහිත කොටස තුළ මෙතෙක් කිසිවෙකුගේ අවධානයට ලක් නොවූ මිනිස් රුවක් දැකගත හැකිවෙයි. එයින් අදහස් වනුයේ පෘථිවිය මුල් කරගනිමින් මෙම චක්‍රය නිර්මාණය වී ඇති බවයි. එහිදී එක් එක් වළලු වලින් දක්වා ඇත්තේ අහසේ උස් මට්ටම් වන අතර ඒවායින් මිදීමට බලය සැපයිය යුතු මට්ටම් මේ හරහා අවබෝධ කරගත හැකිවෙයි. මෙහි ද්විත්ව ඉරි මඟින් එකකට එකක් ගුවන් කලාප වෙන්කර දක්වයි. කේන්ද්‍ර කලාප ලෙස මෙය වෙන්කර දැක්විය හැකිය. මෙම කේන්ද්‍ර කලාපයට දෙපසින් රවුම් හතර බැගින් ඇත්තේ රේඛා පත්ත නැතහොත් ගුවන් පථ ලෙස අපට විග්‍රහ කල හැකි කලාපයයි. එනම් ලොව පුරා ප්‍රධාන මරමස්ථාන නැතහොත් ජනපද හතකට පිහිටි ගුවන් මාර්ගයන් මින් විග්‍රහ වෙයි. අප මෙහි 1.1 ලෙස දක්වා ඇත්තේ පෘථිවි කක්‍ෂයෙන් මිදීම සමඟම ඇති චන්ද්‍රයායි.

දෙවැනි කලාපය කක්‍ෂ ලෙස හඳුන්වන අතර එය පෘථිවි කක්‍ෂයට ආසන්නයේ පිහිටි ග්‍රහලෝක හතරකින් හා දුරින් පිහිටි හතරකින් වෙන වෙනම දැක්වෙයි. 2 කොටස තුළින් අඟහරු, සිකුරු, බුධ හා බ්‍රහස්පති පෙන්වාලන අතර 2.1 කලාපය තුළින් දුරින් පිහිටි ග්‍රහයෝ පෙන්වයි. එම කොටස තුළින් සෙනසුරු, යුරේනස්, නෙප්චූන් හා ප්ලූටෝ යන ග්‍රහලෝක හඳුනාගත හැකිවෙයි. පැරණි ජ්‍යෝතිෂ්‍යය තුළද ඇතුළත ග්‍රහයෝ හා පිටත ග්‍රහයෝ ලෙස මූලික බෙදීමක් ඇතිවී ඇත්තේ එබැවිනි. තුන්වැනි කලාපයෙන් අප සෞරග්‍රහ මණ්ඩලයට ආසන්නයේ පිහිටි වෙනත් ග්‍රහ මණ්ඩල කිහිපයක් දැකගත හැකිවෙයි. මෙය මණ්ඩල කලාපය ලෙස හැඳින්වෙන මණ්ඩල වෙත ගමන් කිරීමට නම් ශක්ති කලාපය භාවිත කළ යුතු වෙයි. ශක්ති කලාපය යනු කළු කුහර සහිත කලාපයයි. කළු කුහරයක් යනු එක් ග්‍රහ මණ්ඩලයක සිට තවත් ග්‍රහ මණ්ඩලයකට පිවිසීමට කෙටි මඟක් ලෙස භාවිත කල හැකි කාල උමඟකි.

එහෙත් සියලු කළු කුහර කාල උමං ලෙස ක්‍රියා නොකරයි. මෑතකාලීනව අප තාරකා මණ්ඩලය මධ්‍යයේ කළු කුහරයක් ඇති බව සොයාගනු ලැබීය. එහෙත් එම කළු කුහරය හරහා වෙනත් තාරකා මණ්ඩල වෙත ගමන් කිරීමට හැකි බව රාවණ යුගයේදී සොයාගෙන තිබුණි. ඒ අදින් වසර 5400කට පමණ පෙරදීය.

කළු කුහරයක් යනු කුමක්දැයි යන්න අවබෝධ කර ගැනීමේදී මෙය සරලව විග්‍රහ කළ හැකි වෙයි. යම් තාරකා මණ්ඩලයක සූර්‍යයකු මියගිය විට සූර්‍යයයා අධික බරකින් විශ්ව දැලෙන් පහළට එල්ලා වැටෙයි. මෙම සුර්‍යයයා ටිකෙන් ටික ක්‍ෂය වන විට එහි බර තව තවත් වැඩිවන අතර රබර් නාළයක් මෙන් වෙනත් තාරකා මණ්ඩලයක් වෙත ඇදී යයි. මෙම නාළය නැතහොත් කළු කුහරය අධි ගුරුත්වාකර්ශණ බලයකින් යුතු අතර එය තුළට තාරකා පවා ඇද ගැනීමේ හැකියාව පවතී. මෙසේ දික්වන නාළ සූර්‍යයයා සම්පූර්ණයෙන්ම ක්‍ෂය වීමෙන් පසු කාල උමං ලෙස භාවිත කිරීමේ හැකියාව ලැබෙයි. මෙම උමං භාවිත කිරීම උදෙසා ගුරුත්වාකර්ශණ බලය පාලනය කළ හැකි යානා උපයෝගී කරගත යුතුවෙයි. රාවණ යුගයේදී ම(ර්)කරි වෝටෙක්ස් ගුවන් තාක්‍ෂණය බිහිවන්නේ ඒ උදෙසාය.

වර්තමාන ලෝකයේ ගුරුත්වාකර්ශණ බලය ශක්තියක් ලෙස යොදාගත හැකි ක්‍රම පිළිබඳ තවමත් අවබෝධ කරගෙන නොමැති අතර රාවණ යුගයේදී එය අවබෝධ කරගෙන පැවතුණි.

සටහන කාංචන මනමේන්ඳ්‍ර (රන්දිව 2012-04-01)

Comments