◄ ලොවෙත් නැති විසඳුම් ►

මුලින්ම කියන්න ඕන මේ එකක්වත් මගේ අදහස් නම් නොවන බව. ඊ තැපෑලක තමයි මේ විස්තරේ තිබුණේ. හැබැයි අන්තර්ජාලයේ පොඩ්ඩක් සොයල බැලුවම විසඳුම් සත්‍යය බව පෙනී යනවා. ආයෙත් පාරක් වැරදුණු වෙලාවට කරලම බලන්නකෝ...

1.කූඹි කරදරේට►
අපි කාගෙත් ගෙවල් වල පැණි රස දෙයක් බේරගන්න බැරි කට්ටියක් ඉන්නවා. ඒ තමයි මේ කූඹි යාලුවෝ. ගෙදර පිපිඤ්ඤා නැත්නම් කැකිරි තියෙනව නම් පොඩි පෙත්තක් කපල කූඹි ගුල ලඟින් තියල බලන්නකෝ. කූඹි කරදරේ එතනින්ම ඉවරයි.

2.මූණ බලන කණ්ණාඩි පිරිසිදු කරගැනීමට►
ගෙදර මූණ බලන කණ්ණාඩිය නැතිනම් රැවුල කපන්න භාවිතා කරන කණ්ණාඩිය අපහැදිළියිද? එහෙනම් කරන්න තියෙන්නේ විනාකිරි ටිකක් අරගෙන හොඳින් පිරිසිදු කිරීම පමණයි. මේකට මධ්‍යසාරත් භාවිතා කරන්න පුළුවන් කියනවා.

3.ඇඳුමේ චුවින්ගමයක් ඇලවුනොත්►
මේක නම් හරිම කරදරකාරී දෙයක්. පොදු ප්‍රවාහන සේවයේ ගමන් කරන අපේ යාලුවොන්ට මේ දේට මුහුණ දෙන්න සිදුවන බව විශ්වාසයි. ඒත් මීලඟ වතාවේ එහෙම ඇලවුනොත් කරන්න තියෙන්නේ ඒ ඇඳුම අධි ශීතකරණයේ පැයක් පමණ තැබීම පමණයි. ඊට පසුව පහසුවෙන්ම චුවින්ගමය ඉවත් කරගැනීට ඔබට පුළුවන්.

4.ළූණු කපනකොට කඳුළු එනවද?►
ළූණු කපනකොට අඬන්නෙ නැති කෙනෙක් ඉන්නවද. මේක පිරිමි පාර්ශවයට තමයි වැදගත් වෙන්නේ. මීලඟ පාර ළූණු කපනකොට චුවින්ගම් එකක් හපන්නකෝ. එතකොට නිකරුණේ අඬන්න වෙන්නේ නෑ.

5.ඇඳුමේ පෑන් තීන්ත තැවරුනාම►
Office ඇඳුමේ, පාසැල් ඇඳුමේ තීන්ත පැල්ලම් ඇති වුනොත් කරන්න තියෙන්නේ සුළු දෙයයි. ඒ තීන්ත තැවරුණු තැන දත් බෙහෙත් තවරන්න. ඉන්පසු එය හොඳින් ඝන වීමට හරින්න. දැන් සෝදල බලන්නකෝ...

මේ වගේ ඔයාලත් දන්න දේවල් තියෙනව නම් comment කරල යාලුවොත් එක්ක ඒ දැනුම බෙදාගන්න.

•▬•▬•▬•▬•▬•▬•▬•▬•▬•▬•▬•▬•▬•▬•▬•▬•▬•
තවත් දේ දැනගන්න→ http://low3thna.blogspot.com/

Comments