නොදැක ඉන්න බෑ

නොදැක ඉන්න බෑ මට නම්
මගෙ ආදරී
නොලැබ ඉන්න බෑ තව නම්
ඔබෙ ආදරේ
නොසිත ඉන්න බෑ මට නම්
කිසිදා ළඳේ
නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ

පැහැදුල් කතා මතකේ වෙලා
දෙනුවන් තෙමා පියමන් කලා
පෙර පෑ සිනා පාවී ගියා
මා හැරදමා සිහිවෙනවා
ඔබ කී කතා මුළු රෑ පුරා
මතකේ දරා විඳිමි සදා

මිහිඳුම් වළා සළුවෙන් වෙලා
පැතුමන් දරා රකිමි සදා
පෙර පෑ සිනා පූජා කලා
අඳුරේ තියා සඟවා දමා
මේ වේදනා යළි එනතුරා
දිවියේ පුරා ඉඳිමි බලා



Comments