මුහුණු පොතෙන් friend request ඉවත් කරන්න

අපි හැමෝම මුහුණු පොතෙන් යාළුවන්ට friend request යවනවා ඒයා සමග මිතුරු වෙන්න.සමහරු නම් කෙල්ලන්ට හුගක් friend request යවනවා.සමහර කෙල්ලෝ ඉන්නවා ඒවා accept වත් ignore වත් නොකර ඉන්නවා.එහෙම friend request ගොඩක් යවලා ඒ මිතුරන් ඒවා අනුමත කරේ නැත්තම් අපගේ මුහුණු පොතෙන් තවත් මිතුරෙක්ට request යවන ඒක තාවකාලිකව නවතා දමනවා.එහෙම උනාම කෙල්ලෙක් එහෙම ඒ කාලෙට සෙට් උනොත් එහෙම කොල්ලන්ට පාඩුයි වගේම කොල්ලෙක් එහෙම සෙට් උනොත් කෙල්ලන්ටත් පදුයි නේ.මොකද ඔහුට හෝ ඇයට request යවන්න විදියක් නැහැ ඒ පහසුකම තාවකාලිකව නවත්තා තිබියදී.ඒ නිසා තමයි ඒ වගේ අනුමත නොකරපු request ඉවත් කරන්න විදියක් තියෙනවා නම් හොදයි කියල හිතන්නේ.එහෙම ක්‍රමයක් තියෙනවා.ඒ ක්‍රමය දැන් බොහොම ප්‍රසිද්ධයි.නමුත් කෙටි වෙබ් අඩවි ලිපිනයක් මතක තියාගන්න බැරි අපිට ඒ වගේ දිග වෙබ් ලිපිනයක මතක තියාගන්න බැහැනේ.ඒක නිසා තමා මේ ලිපිය පළ කරන්නේ.හරි මෙච්චරයි කරන්න ඕන.
මුලින්ම ඔබ ඔබගේ මුහුණු පොත වෙත පිවිසෙන්න.
අනතුරුව මෙතනින් request අවලංගු කරන පිටුව වෙත පිවිසෙන්න.

https://apps.facebook.com/friendrequests/


අනතුරුව පහත ආකාරයේ වින්ඩොව් එකක් ලැබේ.එහි ඔබ යවා අනුමත නොවුණු සෑම request එකක්ම පෙන්නයි.ඔබටයවපු request ඒක ඉවත් කරන්න ඕන පුද්ගලයාට ඉදිරියෙන් ඇති Remove Request කියන ඒක තේරීමෙන් ඔහුට හෝ ඇයට යවපු request ඒක අවලංගු වේ.

Comments